අලි බලන්න මහකනදරාව වැව ළඟ සංචාරකයින් පිරෙයි

September 26, 2024

මිහින්තලේ මහකනදරාව වැව ආශ්‍රිතව ගැවසෙන වන අලින් නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

සෑමදිනකම සවස් කාලයේ සියයකට ආසන්න වන අලි රංචුවක් මහකනදරාව වැව ආශ්‍රිතව ගැවසෙන බවයි අප වාර්තාකරු සඳහන් කරයි.

අනුරාධපුර ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ ගමන් කරන පිරිස් මෙන්ම සංචාරකයන්ට එය අපූර්ව අත්දැකීමක් වී තිබේ.

වන අලි අතර පැටවුන් ද සිටින බවයි වනජීවී නිලධාරීන් පවසයි.

කෙසේ වෙතත් සතුන් අසලට නොයා මාර්ගයේ සිට වනඅලින් නරඹන ලෙසයි වනජීවී නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

t

o

p