දකුණු ආසියානු මැතිවරණ බලධාරීන්ගේ සංසදයේ නිරීක්ෂණ වාර්තාව මැතිවරණ කොමිසමට

September 24, 2024

දකුණු ආසියානු මැතිවරණ බලධාරීන්ගේ සංසදය ජනාධිපතිවරණයේ තම නිරීක්ෂණ වාර්තාව මැතිවරණ කොමිසම වෙත භාරදීම ඊයේ සිදුවිය.

මෙරට නව වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හා එහි කාර්යයන් නිරීක්ෂණය සදහා දකුණු ආසියානු මැතිවරණ බලධාරීන්ගේ සංසදයේ නියෝජිතයින් මෙරටට පැමිණියේ මැතිවරණ කොමිසමේ ආරාධනයකට අනුවයි.

ඔවුන් ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව තම වාර්තාව මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා වෙත භාරදෙනලදි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.

t

o

p