වියළි කාළගුණයෙන් රක්ෂිත ගිනිගැනීම් සංඛ්‍යාව ඉහළට

September 24, 2024

මෙම දිනවල දිවයිනට බලපා ඇති වියළි කාළගුණය තත්ත්වය හේතුවෙන් රක්ෂිත ගිනිගැනීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ බදුල්ල හිඟුරුගමුව රක්ෂිතයේ ඊයේ (23) ගින්නක් හටගෙන තිබෙන බවයි.මේ වන විට රක්ෂිතයේ අක්කර 10කට වැඩි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී තිබේ.

අද අලුයම වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වෙයි.

ඊයේ (23) රාත්‍රීයේ වැල්ලවාය කොටවෙහෙරගල රක්ෂිතයේ ද ගින්නක් හටගෙන ඇති අතර මේ වන විට එය මැඩ පැවැත්වීමට කටයුතු කර තිබේ.

t

o

p