භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 4 වනදා

September 2, 2024

මෙම මාසය සඳහා සිදු කෙරෙන පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ලබන 4 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එහිදී රුපියල් මිලියන 152,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 62,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

t

o

p