පසුගිය දෙවසර තුළ සිසුන් 35,000කට ජනාධිපති මන්දිරයේ දොරටු විවර වෙයි

August 19, 2024

පාසල් දරුවන් තිස් පන්දහසක පමණ පිරිසක් පසුගිය වසර දෙක තුළ ජනාධිපති මන්දිරය, පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි ජනාධිපති කාර්යාලය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව, නෙළුම් කුළුණ ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් සහිත ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ.

මෙවන් විශාල සිසු පිරිසකට මෙම වටිනා අවස්ථාව හිමි වුයේ ඉතිහාසයේ පළමු වරට වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ කාර්යාලයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික තරුණසේවා සභාව ද අත්වැල් බැඳ ගන්නාලදි.

මෙම ක්ෂේත්‍ර චාරිකාව තුළදී සිසු දරුවන්ට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ විවිධ කඩඉම් ඇතුලු ඓතිහාසික තොරතුරු ඇතුළත් වාර්තා මෙන්ම සුවිශේෂී මතක සටහන් දැක බලාගැනීමට අවස්ථාව උදා විය.

t

o

p