ලංකාවේ පළමු කර්මාන්ත වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවයි

August 2, 2024

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් ආරම්භ කළ ශ්‍රී ලංකා කර්මාන්ත වෘත්තිකයන්ගේ ආයතනය නිල වශයෙන් දියත් කිරීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මෙම ශ්‍රී ලංකා කර්මාන්ත වෘත්තිකයන්ගේ ආයතනය (Sri Lanka Institute of Industry Professionals – SLIIP) කර්මාන්ත ක්ෂේත්‍රය නඟාසිටුවීම සඳහා අවශ්‍ය දැනුම, පලපුරුද්ද හා නිපුණතා වැඩි දියුණු කරමින් ලංකාවේ කර්මාන්ත වෘත්තිකභාවය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සඳහාම පිහිටුවා ඇති වෘත්තීමය ආයතනය වෙයි.

කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයන්ගේ විශේෂඥ දැනුම කර්මාන්ත අංශයේ දියුණුව සඳහා ඵලදායි ලෙස භාවිතා කිරීම, කර්මාන්ත වෘත්තිකයන් අතර සන්නිවේදනය වර්ධනය කිරීම, කර්මාන්ත ආශ්‍රිත ගැටලු විසඳිම සඳහා සක්‍රීය වේදිකාවක් සැපයීම, වෘත්තිකයින් සඳහා පුහුණු වැඩසටහන් සපයා දීම ආදී සේවා රැසක් මෙම ආයතනය හරහා සිදු කිරීමට කාර්මික සංවර්ධන මණ්ඩලය සැලසුම් කර තිබේ.

t

o

p