චන්ද්‍රිකා, මහින්ද හා මෛත්‍රී එක්ව ශ්‍රීලංනිපය මෙහෙයවන්න

February 7, 2015

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් හිටපු  ජනාධිපතිවරු දෙදෙනා හා වර්තමාන ජනාධිපතිවරයා එකතුව පක්ෂය මෙහෙය විය යුතු යැයි එම ජනාධිපතිවරුන් තිදෙනාගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මෙම ඉල්ලීම කිරීමටත් එම ජනාධිපතිවරුන් තිදෙනා සමග සාකච්ඡාවක් පැවැත්වීමටත් එම මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති එම පළාත් සභා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p