දේශපාලන අයිතීන් වෙනුවෙන් ලන්ඩනයේ උද්ඝෝෂනයක්

February 8, 2015

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුනරත්නම් ඇතුලු පසුගිය කාලයේ දේශපාලන හේතුමත විදේස් ගත වූවන්ගේ දේශපාලන අයිතීන් තහවුරු කරන ලෙසට ශ්‍රී ලංකා රජයට බලකරමින් ඊයේ සන්ධ්‍යාවේ (07 වැනිදා) ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවත්වුනි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ එක්සත් රාජධානී සංවිධානයේ මූලිකත්වයෙන් මෙම උද්ඝෝශණය සංවිධානය කොට තිබුනු අතර රාජපක්ෂ රෙජීමය විසින් අහිමි කරන ලද ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් වත්මන් පාලනය විසින්ද එලෙසම පවත්වා ගෙනයාමට දරන උත්සාහයන් පරාජය කල යුතුව ඇති බව ඊට සහභාගී වුවන් මෙහෙදී පවසා සිටියා.
විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදි එතෙක් විදේශ ගතව සිටි කුමාර් ගුනරත්නම්  රටතුල දේශපාලනය කිරීම සඳහා පැමිනියද වත්මන් රජයද ඔහුගේ එම දේශපාලන අයිතීන්ට ඉඩකඩ ලබා නොදෙමින් සිටින තත්වය ඇතුලු රාජපක්ෂ රෙජීමය විසින් පසුගිය කාලයේ අත් අඩංගුවට ගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන්කිරීම්, පැහැරගැනීම් පිලිබඳව හෙළිදරව් කිරීම ඇතුළු ප්‍රධාන කරුණු ගණනාවක් මුල් කරගනිමින් ශ්‍රී ලංකාව තුල මෙන්ම විදේශයන් තුලද මෙම උද්ඝෝශණය ව්‍යාපාරය ඉදිරියටත් පවත්වාගෙන යන බවද ඔවුන් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී විවිධ සටන් පාඨ හඬ නගමින් කියා සිටියේය.1 3 2 4

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p