කොම­ර්ෂල් පොහොර හා ලංකා පොහොර සමා­ගම් දෙක එකක් වෙයි

July 13, 2024

රජ­යට අයත් කොම­ර්ෂල් පොහොර හා ලංකා පොහොර සමා­ගම් දෙක ඊයේ (12) සිට State Fertilizer නාමය යටතේ රජ­යට අයත් සමා­ග­මක් වශ­යෙන් ඒකා­බද්ධ කිරී­මට පිය­වර ගෙන ඇත.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ උප­දේ­ශ­ක­ත්ව­යෙන් ක්‍රියා­ත්මක රාජ්‍ය විය­දම් කළ­ම­නා­ක­ර­ණය සඳහා වූ වැඩ පිළි­වෙළ යටතේ ඒකා­බද්ධ කරන ලද ප්‍රථම ආය­තන දෙක වන්නේ කොම­ර්ෂල් පොහොර සමා­ගම සහ ලංකා පොහොර සමා­ග­මයි. මෙතෙක් කලක් සභා­ප­ති­ව­රුන් දෙදෙ­නකු හා අධ්‍යක්ෂ මණ්ඩල දෙකක් හා කාර්ය මණ්ඩල දෙකක් වශ­යෙන් පැවති මේ සමා­ගම් දෙක ඒකා­බද්ධ කිරී­මෙන් මෙතෙක් කලක් වැය වූ විශාල මුද­ලක් රජ­යට ඉතිරි කර­ගැ­නී­මට හැකි වී තිබේ. එමෙන්ම ලබන සඳුදා (15) සිට State Fertilizer සමා­ගම විසින් නිෂ්පා­ද­නය කරන සෑම පොහොර වර්ග­ය­කම මෙට්‍රික් ටොන් එකක මිල රුපි­යල් 5,000කින් අඩු කිරී­ම­ටද පිය­වර ගෙන තිබේ.

t

o

p