වසර 7ක් අඩපණව තිබූ කෘෂිකාර්මික පුස්තකාල තොරතුරු ජාලය යාවත්කාලීන කිරීමට යයි

June 26, 2024

ශ්‍රී ලංකා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහාවේ කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියාත්මක දැනට වසර 7ක් තිස්සේ අඩපණ වී තිබූ කෘෂිකාර්මික පුස්තකාල තොරතුරු ජාලය (AGRINET) යාවත්කාලීන කිරීමට පියවර ගැනේ.ශ්‍රී ලංකා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහාව මගින් මෙරට සමාජ,ආර්ථික,සංවර්ධනය සඳහා කෘෂිකර්මයට අදාළ තොරතුරු භාවිතය,ප්‍රවර්ධනය කිරීමේ විශිෂ්ට ජාලයක් ලෙස ක්‍රියාත්මක වන මේ ආයතනය,කෘෂිකාර්මික විද්‍යාඥයන්ට අවශ්‍ය තොරතුරු ඉක්මන් ප්‍රවේශය,බෙදාහැරීම,හුවමාරුව යන ක්‍රියාවලිය සඳහා කෘෂිකාර්මික පුස්තකාල ධාරිතාව පුළුල් කර ඇත.

පාසල් සිසුන්,විශ්වවිද්‍යාල සිසුන්,කෘෂිකාර්මික විද්‍යාඥයන්, පරීක්ෂකයන්,රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික අංශයේ දෙස් විදෙස් තොරතුරු පරිශීලකයන් සඳහා තොරතුරු බෙදා හැරීම හා තොරතුරු ලබා ගැනීමේ පදනම මේ ආයතනයේ ක්‍රියාත්මක වේ.

තවද රටේ කෘෂිකාර්මික පද්ධතිය ශක්තිමත් කිරීම උදෙසා පාසල් දරුවන් කෘෂිකාර්මික ක්ෂේත්‍රය කෙරෙහි වැඩි නැඹුරුවක් යොමු කිරීම සඳහා මේ ප්‍රතිපත්තිය සභාව වැඩපිළිවෙළක් සකසා ඇත.

කෘෂිකාර්මික පුස්තකාල ජාතික කමිටුව පිහිටුවා එම නිලධාරින්ට පත්වීම් ලබාදීමේ මුල් අදියර ඉකුත් දා (20) ශ්‍රී ලංකා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහාවේ ශ්‍රවණාගාරයේදි සිදු කෙරිණි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර,අමත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතාගේ උපදෙස් පරිදි එය සිදු කෙරිණි.තවද ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ, ලේකම් ප්‍රභාත් විමල් කුමාර,සභාපති ආචාර්ය ජේ.ඩී.එච්.විජේවර්ධන,නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රා පද්මිනි මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වූහ.

t

o

p