මත්ද්‍රව්‍ය නිවාරණයට ජාතික ප්‍රතිපත්තියක්

February 3, 2015

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (02) කොළඹ ආනන්ද විද්‍යාලයේ දී පැවැති අමද්‍යප සංගමයේ උත්සවයකදී පැවසීය.

ශ්‍රී ලංකාව යහපත් රටක් කරන්නට විනය ගරුක රටක් කරන්නට අද ජීවත්වන දරුවන්ට වගේම හෙට උපදින දරුවන් සඳහා මතින් තොර රටක් ඇති කරන්නට තමන් ඇප කැප වන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මතින් තොර රටක් බිහිකිරීම පහසු කාර්යයක් නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා නමුත් අප කැපවිය යුත්තේ අපහසු කාර්යයන්වලින් යුත් අභියෝගවලට යැයි ද පැවැසීය.

දින 100 වැඩපිළිවෙළ තුළත් ඉන් එහ‍ාටත් මත්ද්‍රව්‍ය සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට අපගේ ප්‍රතිපත්තිවල සඳහන් කළ බව කී ජනාධිපතිවරයා ඒ අනුව මත්ද්‍රව්‍ය, මත්පැන් නිවාරණය කිරීම සඳහා අවශ්‍ය නීතිරීති පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

මේ අවස්ථාවට ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි මාදුළුවාවේ සෝභිත නාහිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ද සහභාගී වූහ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p