ගංවතුරෙන් අපවිත්‍ර වූ නිවාස පවිත්‍ර කරගැනීමට රජයෙන් රුපියල් 10,000ක්

June 7, 2024

ගංවතුර බලපෑමට ලක්වූ නිවාස පවිත්‍ර කරගැනීම සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 10,000ක මුදල ලබාගත හැකි ක්‍රමවේදය පිළිබඳ අද ජනතාව දැනුවත් කෙරුණි.

ඒ සඳහා ග්‍රාම නිලධාරී සහතිකය අවශ්‍ය බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.

“ගංවතුරෙන් හානි වූ නිවාස පවිත්‍ර කරගැනීම සඳහා රජයෙන් රුපියල් 10,000 බැගින් ලබාදීමට කටයුතු කරනවා. එය ලබාගැනීමේදී ග්‍රාම නිලධාරී සහතිකය සහ ඊට අදාළ නිර්දේශ අවශ්‍ය වෙනවා.”

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉකුත් 01 වනදා සිට මේ දක්වා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 113ක එනම් දිස්ත්‍රික්ක 13ක ජනතාව පීඩාවට පත්වී ඇති බවයි ඔහු ප්‍රකාශ කරයි.

පුද්ගලයන් 239,000කට අධික පිරිසක් අවතැන්වී ඇත.

t

o

p