විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

June 7, 2024

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී , ඒවා රැගෙන ආ කාන්තාව ද සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඇය පොල්ගහවෙළ , පොතුහැර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක්.
ඇයගේ සැමියා ඩුබායි හි පදිංචි වී සිටින අතර ඇය මීට පෙර වතාවක් ද නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
උදෑසන 07.55 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 579 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇය පැමිණ තිබුණි.
රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ මැන්චෙස්ටර් , ප්ලැටිනම් සහ මොන්ඩ් යන වර්ග වල දුම්වැටි 35,860 ක් සගවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.
පසුව ඇය පොලිස් ඇප මුදා හැරීමට පියවර ගෙන තිබූ අතර එළඹෙන 06/12 දින ඇය සහ ඇය විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

t

o

p