‘අගවිනිසුරු ධුරයෙන් ඉවත් වුණෙත් නෑ විශ්‍රාම ගියෙත් නෑ’

February 2, 2015

අගවිනිසුරු ධුරයෙන් තමා ඉවත් වූයේ හෝ විශ්‍රාම ලබාගත්තේ නැති බව මොහාන් පීරිස්‌ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර සිටී.

එමෙන්ම අගවිනිසුරු කාර්යාලයෙන් ද ඉවත් නොවූ බව හෙතෙම සඳහන් කර සිටී.

විවිධ බලහත්කාරකම් හා නීති විරෝධී ප්‍රචණ්‌ඩත්වය නිසා අගවිනිසුරු කාර්යාලයේ කටයුතු කරගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ උදා වී ඇති බව 

මොහාන් පීරිස්‌ මහතා ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් ඉකුත් 30 වැනිදා ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස කේ. ශ්‍රී පවන් මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p