වාග් චිකිත්සක තනතුරට උපාධිධාරීන්ට ඉල්ලුම් කළ හැකි දිනය හෙටින් අවසන්

June 6, 2024

වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වාග් චිකිත්සක තනතුරට උපාධිධාරීන් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් සහ පළාත් සභා යටතේ පාලනය වන රෝහල් වල වාග් චිකිත්සක තනතුරේ III ශ්‍රේණියේ පවතින පුරප්පාඩු සඳහා බදවා ගැනීමට සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

ඒ සදහා තනතුරු 29 ක් ඇති අතර ඉල්ලුම් කළ හැකි අවසන් දිනය වන්නේ 2024.06.07 වන දින වේ.

t

o

p