නීති විරෝධී දුම්වැටි ලග තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට

May 31, 2024

පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩසටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 1 හි උප ස්‍ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ආර්.ජි.එච්.යු බංඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.05.30 වන දින ජා ඇල පොලිස් වසමේ RUTH STYLES රෙදිපිළි ආයතනය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී ජාවාරම් කිරීම සඳහා නිති විරෝධී ලෙස ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුතු Manchester වර්ගයේ දුම්වැටි 2,400 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 27 ක් වන ජා ඇල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජා ඇල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

t

o

p