වෙසක් දිනවල පාරේ වැඩ පෙන්වූ යතුරුපැදි සහ ත්‍රිරෝද සමග 60ක් අත්අඩංගුවට

May 29, 2024

වෙසක් සිරි නැරඹීමට යන අතරතුරදී ජනතාවට හිරිහැරයක් වන පරිදි අපරික්ෂාකාරීව යතුරු පැදි හා ත්‍රී රෝද රථ පැදවූ 60 දෙනෙකුගේ වාහන පොලිස් භාරයට ගත් බව මාතර මූලස්ථාන පොලිසිය පවසයි.

පොලිස් භාරයට ගත් යතුරුපැදි හා ත්‍රීරෝද රථ වල මුල් ආකෘතිය වෙනස් කරමින් අධික ශබ්දය නිකුත් වන ආකාරයට සයිලන්සර්,නලා ආදී විවිධ අමතර කොටස් සවි කර තිබූ බව සඳහන්.

අධික ධාවන ධාරිතාවකින් යුත් ඇතැම් යතුරුපැදිවල වටිනාකම රුපියල් ලක්ෂ පහළොව විස්ස ඉක්මවන බවයි පොලිසිය සඳහන් කරයි.

එම නිසා පොලිස් භාරයට ගත් යතුරුපැදි 58ක් හා ත්‍රී රෝද රථ 02ක් මාතර දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂකවරයා හමුවට ඉදිරිපත් කර තහනම් නියෝග ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම ඒවා පැදවූ තරුණයින්ට එරෙහිව අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනාව යටතේ නඩු පවරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

t

o

p