IPL කිරුළ කොල්කටා නයිට් රයිඩර්ස්ට

May 27, 2024

සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම කඩුලු 08කින් පරාජය කර 16වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළදීමට ශ්‍රියාස් අයියර්ගේ නායකත්වයෙන් යුත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ(26දා) රාත්‍රියේදී සමත් විය.

මෙය අයි.පී.එල්. ඉතිහාසයේ ඔවුන් ශූරයින් ලෙසින් කිරුළු පැළදී තෙවැනි අවස්ථාව ලෙසින් වාර්තා අතරට එක්වුණි.

චෙන්නායිහිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදී හයිද්‍රබාද් කණ්ඩායම ලබාදුන් ලකුණු 114ක පහසු ඉලක්කය කඩුලු 02ක් පමණක් දැවී තිබියදී තරගයේ 10.3වැනි පන්දුවාරයේදී පසුකර යාමට කොල්කටා පිතිකරුවෝ සමත්විය.

Pat Cummins ලකුණු 24ක් සහ Aiden Markram ලකුණු 20ක් රැස් කරනලදි.

Venkatesh Iyer ලකුණු 52ක් සහ Rahmanullah Gurbaz ලකුණු 39ක් රැස් කරනලදි.

t

o

p