රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ නගරය කේන්ද්‍ර කර ගනිමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ශ්‍රී ධර්මරාජ පිරිවෙනේදී ආරම්භ විය.
“අත්තනො ච අචෙක්ඛෙය්ය කතානිඅඛතානි ච – “අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු”. යන්න මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ තේමාවයි.
ලබන 27 වෙනිදා දක්වා රාජ්‍ය වෙසක් උත්සව සතිය ක්‍රියාත්මක වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) වන දින වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ ආගමික වැඩසටහනක් ධර්මරාජ පිරිවෙනෙහි පවත්වනු ලබයි.
රාජ්‍ය වෙසක් උත්සවය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අතින් වෙසක් උත්සවය වෙනුවෙන් පැවති අධ්‍යාපනික ප්‍රදර්ශන කුටිය විවෘත කළ අතර රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් සමරු මුද්දර නිකුත් කිරීම ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අතින් සිදු කෙරුණි.
විහාරස්ථාන සඳහා ආධාර මුදල් පරිත්‍යාග කිරීම, භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබාදීම, දහම් පාසල් සඳහා ඩෙස් පුටු ලබාදීම මෙහිදී සිදු කෙරුණි.
ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නා හිමි, ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නාහිමි, සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නා හිමි, ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක මල්වානේ පඤ්ඤාසාර හිමි, සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක කොස්ගොල්ලේ සීලරතන නා හිමි, ඇතුළු ත්‍රෛයි නිකායික මහා සංඝරත්නය අන්‍යාගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා, දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, යදාමිණි ගුණවර්ධන, ගුණතිලක රාජපක්ෂ, රෝහිණී කවිරත්න, ඇතුළු මැති ඇමැතිවරු, තානාපතිවරු, බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ ඇතුළු රාජ්‍ය නිලධාරින්, සැදැහැවතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.