ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

May 22, 2024

ශ්‍රී ලංකාව, ඉන්දියනු සංචාරකයන්ගේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කළේය.

දකුණු ආසියාවේ මාලදිවයින වැනි ගමනාන්තයන් අභිබවා යමින් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම හා සමගාමීව පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා ඉන්දියාවේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් පිරිසක් මුම්බායි සහ දිල්ලි හි සිට දිවයිනට පැමිණියහ.

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම ඔස්සේ ශ්‍රී ලංකාව සංචාරක ගමනානන්තයක් ලෙස ලොව පුරා ප්‍රචලිත කරවීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අරමුණයි.

t

o

p