නව ලිබරල් ධනවාදය පවත්වාගෙන යන්න උඩු රැවුලක් තියෙන්නම ඕන නැහැ – පෙරටුගාමී සමාජවාදී පක්ශය

January 29, 2015

නව ලිබරල් ධනවාදය පවත්වාගෙන යන්න උඩු රැවුලක් තියෙන්නම ඕනේ නැහැ. සාඨකයක් තියෙන්න ඕනේ නැහැ. නව ලිබරල් ධනවාදය පවත්වාගෙන යන කෙනා හම්බන්තොට ඉපදෙන්නත් පුලුවන්, පොළොන්නරුවෙ ,ඉපදෙන්නත් පුලුවන් වෙන කොහෙවත් ඉපදෙන්නත් පුලුවන් බව පෙරටුගාමී සමාජවාදී පක්ශය පවසයි.

“දින 100; අපේක්ෂා සහ යතාර්ථය” කොළඹ මහජන පුස්තකාලයේ 28 දින පෑවති සම්මන්ත්‍රණය අමතමින් පුබුදු ජයගොඩ මහතා මේ බව පෑවසීය.

වෑඩි දුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා….

පෙරටුගාමි සමාඡුවාදි පක්‍ෂය විසින් දින 100 යේ අපේක්‍ෂාව හා යථාර්තය යන තේමාව යටතේ දිවයින පුරා කි‍්‍රයාත්මක කිරිමට බලාපොරොත්තු වන සම්මන්ත‍්‍රණ මාලාවෙ පළමු සම්මන්ත‍්‍රණය තමයි අද මේ පවත්වන්නේ. මෙම සම්මන්ත‍්‍රණ මාලාවෙන් ආණ්ඩුවේ දින 100 යේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් පමණක් නොව ඉන් ඔබ්බට ගිය කරුණු ගණනාවක් සම්බන්ධයෙන් කථිකාවක් ගොඩනැගිමයි අපේ අපේක්ශාව. දින සියයකින් අලුත් රටක් මෛත‍්‍රී පාලනයක් කියලා පෙරොන්දු මලාවක් ඉදිරිපත් කලා. ඒ අනුව ඔවුන්ගේ පොරොන්දු වෙලා තියෙනවා දවස් 100 ක් ඇතුලත අලුත් රටක්” අලුත් ජිවිතයක් නිර්මාණය කරනවා කියලා.

මේ පොරොන්දු වුන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව ජනාධිපතිවරණය අවසන් වෙලා අද වන විට දින 20 ක් ගත වෙලා. දින 20 ක් කියන්නේ ඉතාම කෙටි කාලයක් බව ඇත්ත. නමත් ඒක කෙටි කාලයක් කියන්නේ දේශපාලනයේ සිදු වෙන දේවලුත් එක්කයි. ඒත් එක්කම ආණ්ඩුවේ පොරාන්දු දින 100 කාලය ගත් විට දින 20 ක් කියන්නේ ලොකු කාලයක්. ඒ කියන්නේ මුලු කාලයෙන් දැන් 1/5 ක් ගෙවිලා ගිහින් තියෙන්නේ.

ජනපතිවරණයේ අවසන් ප‍්‍රචාරක රැළියේ දී අපි කීවා මුහුණූ මාරුවක් වත් සිදු නොවෙයි කියලා. අඩුම ගානේ මුහුණු මාරුවක් නැතිව පරණ එකම තියෙන තත්වයක් එනවා කියලා. ඒක තමයි වෙලා තියෙන්නේ. පරණ කැබිනට් මණ්ඩලයමයි ඉන්නේ. මෙකේ අලුත් මුහුණූ කියලා කිසිවක් නැහැනේ. 2001 ත්, 2004 ත් අතර තිබුනු රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අණ්ඩුවෙ සිටි කැබිනට් මණ්ඩලයේ ඉදලා විවිධ චෝදනා වලට ලක් වෙලා ජනාධිපතිවරණයේදී පරජයට පත් වෙච්ච අය තමයි ඉන්නනේ. ඉට පස්සේ 2005 සිට 2014 වන තෙක් මහින්ද රාජපක්‍ෂ මහතාගේ අණ්ඩුවෙ ඇමතිධූර හොබවපු විවිධ දූෂණ වංචා පිළිබද චෝදනා ලබලා අවසාන තත්පරයේදි පිල් මාරුකරපු කට්ටියත් මේක ඇතුලේ ඉන්නවා. ඒක නිසා මේ මුහුණු එකකක්වත් අලුත් ඒවා නොවෙයි. ජනපති විදිහට ඉන්න මෛත‍්‍රීපාල මහත්තයාවත් අලුත් මුහුණක් නොවෙයි.

 

133 12333 222222

Sammy

Previous story Next story

Leave a comment

t

o

p