ජනමාධ්‍ය ඇමැතිවරයා හෙට ලේක්හවුසියේ නිරීක්ෂණ චාරිකාවක

January 29, 2015

අභිනව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා හෙට (30) උදෑසන ලේක්හවුස් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙයි.

එහිදී අමාත්‍යවරයා ලේක්හවුස් සභාපති කාවන් රත්නායක මහතා‍, අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම වෘත්තීය සමිති ද හමුවී අදහස් හුවමාරු කර ගැනීමට නියමිතය.

මෛත්‍රී පාලනයක් ඔස්සේ නිදහස් මාධ්‍ය සංස්කෘතියක් තුළ ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීම සඳහා තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුව හමුවට ගෙන ඒමට සැදී පැහැදී සිටින අභිනව ඇමැතිවරයා අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමත් සමඟම මල්වතු අස්ගිරි මහනායක හිමිවරු බැහැ දැක ආශිර්වාද අනුශාසනා ලබා ගත්හ.

අනතුරුව සර්ව ආගමික නායකයන් බැහැ දැකීමටද ගිය ඇමැතිවරයා ආශිර්වාද ලබා ගත්හ.

දසකයකට වැඩි කාල සීමාවක් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ධුරය හෙබ වු ඒ මහතා පක්ෂය අර්බුදවලට මුහුණ දුන් අවස්ථා වලදී පවා මධ්‍යස්ථව සහ නිවැරදිව කටයුතු කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p