ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තමන්ගේ මතය පිලිගන්න අයට දේශපාලනය කරන්න දෙන එක නෙමේ

January 30, 2015

කුමාර් ගුණරත්නම් මහතාට ලංකාවේ ජීවත් වීමට සහ දේශපාලණය කිරීමට අයිතියක් ඈති බව පෙරටුගාමී සමාජවාදී පක්ශය පවසයි.අද 30 මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා මේ බව පෑවසීය.මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහ පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට යන අය සහභාගී විය.

”කුමාර් ගුණරත්නම් මහතාට එරෙහිව පෑමිනිල්ලක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලෑබිලා තියනවා අපිට දෑනුම් දුන්නා.අපි දින කිහිපයක්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගියා මේ පෑමිනිල්ල සම්බන්ධයෙන්.

මේ පෑමිනිල්ල ලෑබිලා තියෙන්නේ ආරක්ෂක අමාත්යාශ ලේකම් වරයාගෙන් , මේ පෑමිනිල්ල පුද්ගලයෙක් විසින් කල පෑමිනිල්ලක් කියලා කියන්න බෑ. මේ පෑමිනිල්ල රජය විසින් කල පෑමිනිල්ලක්.රජය මෑදිහත් වෙලා කුමාර් ගුනරත්නම්ට දේශපාලනයේ නිරත වීමට ඉඩ නොදීමට රටින් පිට කිරීමට දෑඩි උත්සාහයක් දරනවා. මේක පෑහෑදිලිවම කියන්න ඕන. ඒත් එක්ක අපි කියනවා ජනතාවට මේ කරුනු පිලිබදව සෑලකිල්ලෙන් හා අවධානයෙන් ඉන්න කියලා.මේ රට තුල ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයක් ඈති වෙන්න හදන්නේ.පසුගිය කාලයේ රටේ තිබුනේ ඒකාධිපති තත්වයක්. නව රජය පත් වුනාට පස්සේ කිව්වේ පසුගිය ඒකාධිපති පාලනය හමුවේ මව්බිම හෑර ගිය සියලු දෙනාටම නෑවත එන්න කිය්ලා.

අපිත් ආරාධනා කරනවා ඒ සියලු දෙනාට එන්න කියලා.ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තමන්ගේ මතය පිලිගන්න පිරිසකට දේශපාලනය කරන්න දෙන එක නෙමේ.තමන්ගේ මතයට විරුද්දව කටයුතු කරන අයටත් දේශපාලනය කරන්න ඉඩ දෙන එක්යි ප්‍රජාතන්ත්‍රවාදය.මෙම තත්වය පරාජය කර ලංකාවේ ජීවත්වීමට හා ලංකාවේ දේශපාලනය කිරීමට කැමැති හැමදෙනාටම ඒ සඳහා ඇති අයිතිය සුරක්ෂිත කළ යුතුය. ”

1

Sammy

Previous story Next story

Leave a comment

t

o

p