ශ්‍රී ලංකා – ඇමෙරිකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක්

April 22, 2024

ශ්‍රී ලංකා ඇමෙරිකා නාවික හමුදා ඒකාබද්ධ නාවික අභ්‍යාසය අද සිට ලබන 26 වනදා දක්වා පැවැත්වෙයි.

එක්සත් ජනපද ත්‍රස්ත මර්දන ආරක්ෂක කණ්ඩායම මෙන්ම එක්සත් ජනපද මැරීන් බලකායේ විශේෂ ඒකකය ශ්‍රී ලංකා නාවික හමුදාව සමග මෙම යුද අභ්‍යාසයට එක්ව සිටියි.

පස්වන වරටත් පවත්වන මෙම යුද අභ්‍යාසයට ඇමෙරිකා නාවික හමුදාවේ 70 දෙනෙකු එක්ව සිටින අතර ද්විපාර්ශවිය සමුද්‍ර අභ්‍යාස රැසක් මීට ඇතුලත්.

නාවිකා හමුදාවට මෙවැනි යුද අභ්‍යාසවලට එක්වීමෙන් අත්දැකීම් රැසක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා පවසයි.

t

o

p