තැපෑලට සමාන ව්‍යාජ වෙබ් අඩවි 5ක් ඉවතට

April 22, 2024

තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි පහක් අන්තර්ජාලයෙන් ඉවත් කෙරුණු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

මේ සම්බන්ධයෙන් තැපැල්පති රුවන් සත්කුමාර මහතා කළ පැමිණිල්ලක් අනුව මෙම ව්‍යාජ වෙබ් අඩවි පහ අන්තර්ජාලයෙන් මෙසේ ඉවත් කර තිබේ.

තැපෑලේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි සකස් කර මුදල් වංචා කිරීමේ සිද්ධීන් ගණනාවක් පසුගිය කාලයේදී වරින් වර වාර්තාවූ බව මේ සම්බන්ධයෙන් තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසා තිබුණි.

මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත් ව්‍යාජ වෙබ් අඩවිවලට නොරැවටෙන ලෙසත් තැපැල්පතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

t

o

p