කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් වේදිකාව කඩාගෙන යයි

April 15, 2024

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 02.35 ට හලාවට බලා ධාවනය වීමට නියමිත වූ අංක 420 දුම්රිය ගමන් ආරම්භ කිරීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාවට ඇතුළත් කිරීමේ දී දුම්රිය නියමිත ස්ථානයේ දී නවතා ගැනීමට එම දුම්රියෙහි රියදුරු මහතා අපහොසත් වීම මත වේදීකාව ද කඩා ගෙන එම දුම්රිය නැවතී ඇත.

එම අනතුර හේතුවෙන් කිසිවකුට හෝ අනතුරක් සිදුව නොමැති අතර දුම්රියේ ඉදිරි කොටස හා වේදිකාවේ කොටසකට හානී වී ඇත. දුම්රිය ගමනාගමන කටයුතු සඳහා මෙය ගැටලුවක් නොමැති අතර මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු මට්ටමෙන් පරික්ෂණයක් සිදු කිරීමට නියාමිතය

t

o

p