ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

April 16, 2024

ලොකු ලූනු අපනයනයට පනවා තිබු තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

ඒ අනුව ලොකු ලූනු මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට මෙමගින් අවසර ලබා දී තිබේ.

පළමුව අසල්වැසියා යන පදනම සහ අලුත් අවුරුදු උත්සව සමය සැලකිල්ල ට ගෙන ඉන්දියාව එම තීරණය ගත් බව සඳහන් ය.

t

o

p