මාස 3ට ඒඩ්ස් ආසාදිතයින් 695ක්

April 9, 2024

2024 වර්ෂයේ ගෙවී ගිය මාස 3ක කාලය තුළ ශ්‍රී ලංකාවේ HIV අසාදනය වූ නව රෝගීන් 695ක් හඳුනාගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

එය 2023 වසරට වඩා සියයට 14ක වර්ධනයක් ලෙස වාර්තා වන බවයි එම වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානකී විදානාරාච්චි මහත්මිය සඳහන් කරයි.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම ආසාදිතයින් හමු වී ඇති අතර කොළඹදී පවත්වන සායනවලදී හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව සියයට 40ක ප්‍රමාණය දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

t

o

p