ජලය නොමැ­ති­ව ඇළ­හැර ගොවියෝ අස­ර­ණයි

April 9, 2024

තම වගා­වට ප්‍රමා­ණ­වත් ජලය නොමැ­ති­ක­මෙන් ඇළ­හැර ගොවි­ජන ව්‍යාපා­රයේ බඩ ඉරිඟු, වී, මුං, කොමඩු ඇතුළු එළ­වළු බෝග රැසක් විනාශ වී තිබෙන බව ගොවීහු පව­සති. ජය­සි­රි­පුර, ඉකි­රි­වැව, ගඟේ­යාය, ඇතුළු අවට ගම්මා­න­වල ගොවීහු ඉරිඟු, වී, මුං ඇතුළු ගොඩ බෝග රැසක් වගා කළහ.

තම ගොවි බිම්වල ගොඩ බෝග වගා කර ආර්ථි­කය සරි­කර ගන්නා ලෙසට ශ්‍රී ලංකා මහ­වැලි අධි­කා­රිය ඇළ­හැර ගොවි­ජන ව්‍යාපා­රයේ ගොවීන්ට උප­දෙස් දුන්නද, එම බෝග වගා­වන්හි අස්වැන්න නෙළීමේ කට­යුතු අව­සන් අදි­යරේ පව­තින මොහොතේ ජලය ලබා­දීම අත්හි­ටු­වී­මට ශ්‍රී ලංකා මහ­වැලි අධි­කා­රිය ගෙන තිබෙන තීර­ණය නිසා තමන් දැඩි අසී­රු­තා­වට පත්ව ඇති බවද ගොවීහු පෙන්වා දෙති.

දැනට දින දහ­යක පමණ කාල­යක සිට තම ගොවි බිම්ව­ලට ජලය ලබා නොදීම නිසා ඇළ­හැර ගොවි­ජන ව්‍යාපා­රයේ ගොවි පවුල් දාහ­කට ආසන්න ප්‍රමා­ණ­යක් අක්කර 500ක පමණ වගා කරන ලද ගොඩ­බෝග වගා­වන් විනාශ වී ඇති බව ද ගොවි­ජන සංවි­ධාන නියෝ­ජි­තයෝ පෙන්වා දෙති.

ඇළ­හැර ගොවි­ජන ව්‍යාපා­ර­යට මොර­ග­හ­කන්ද ජලා­ශ­යෙන් ජලය සැප­යෙන අතර මොර­ග­හ­කන්ද ජලා­ශ­යෙන්, මොර­ග­හ­කන්ද ව්‍යාපා­රය 70%ක් පමණ වී වගා කරන අතර ඉතිරි 30% ගොවීහු ගොඩ­බෝග වගා කරති. මොර­ග­හ­කන්ද ජලා­ශයේ ප්‍රමා­ණ­වත් පරිදි ජලය තිබි­යදී මෙවර වගා කරන ලද ගොඩ බෝග වගා­වන්ට ජලය නිද­හස් නොකි­රී­මෙන් විනාශ වන ගොඩ බෝග වගා­වන් වෙනු­වෙන් තමන්ට වන්දි­යක් ලබා­දී­මට කට­යුතු කරන ලෙස ද ගොවීහු අදාළ බල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටිති.

අප මේ පිළි­බ­ඳව මොර­ග­හ­කන්ද මහ­වැලි කලා­පයේ නේවා­සික ව්‍යාපාර කළ­ම­නා­කාර ආර්.එම්.කේ.බී. රන්දෙ­ණිය මහ­තා­ගෙන් දුර­ක­ත­න­යෙන් කළ විම­සී­ම­කදී ඔහු සඳ­හන් කළේ මේ වෙන විට කෙත් ඇළ­වල් සුද්ද කරන බැවින් ඒ සඳහා ජලය ලබා­දීම ප්‍රමාද වන බවත් ඉදි­රි­යේදී එම වැඩ අව­සන් වූ සැනින් අවශ්‍ය ජලය නිකුත් කිරී­මට කට­යුතු කරන බවත්ය.

t

o

p