රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප අද සිට

April 8, 2024

අද (08) සිට රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ගෙවීම සිදු කෙරෙයි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය හේතුවෙන් අප්‍රේල් මස වැටුප මෙම මස 10 වනදාට පෙර ගෙවා අවසන් කිරීමට කටයුතු කෙරෙනු ඇති.

ඒ අනුව රජය විසින් ඉහළ දැමූ රුපියල් 10,000 දීමනාව ද සමඟින් අදාළ වැටුප් ගෙවීම සිදු කෙරෙන බව සඳහන්.

t

o

p