නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහනක්

April 8, 2024

රජය මගින් සැලසුම් කර ඇති නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහන යටතේ කිසිදු දුප්පත් පවුලක් මග නොහැරෙන සේ කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා

එම වැඩසටහනට අදාළ උපදෙස් සහ බලය සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ

මෙම වැඩසටහන යටතේ සහල් කිලෝ 20 ක් කොටස් දෙකකට අප්‍රේල් සහ මැයි මාසවලදී ලබා දීමට නියමිතයි

t

o

p