අද (05) සිට අප්‍රේල් මස 15 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට ඉර මුදුන් වන ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යහ්න 12:12ට පමණ බලපිටිය, ඇල්පිටිය, මොරවක සහ තිස්සමහාරාම යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි.
මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි ඇති වනු ඇති.
හවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වයඹ පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව සඳහන්.
බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.