ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

April 3, 2024

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ තරගාවලිය තරග 2 – 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි.

තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම තරගයේ පස්වන දිනයේ දී ලකුණු 318කට සියලුදෙනා දැවී ගියේය.

මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ ටෙස්ට් ඉනිමකදී ක්‍රිඩකයෙක් ශතකයක් වාර්තා නොකර කණ්ඩායමක් ටෙස්ට් ඉතිහාසයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසටය.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස කමිඳු මෙන්ඩිස් සම්මාන ලැබීය.

කමිඳු මෙන්ඩිස් පළමු ටෙස්ට් ඉනිම 4 තුළදී අර්ධ ශතක වාර්තා කළ ලොව තුන්වැනි ක්‍රිඩකයා ලෙසටද වාර්තා අතරට එක්වුණි.

t

o

p