ශ්‍රී ලංකාවේ පළමු AI චිත්‍රපටය නිෂ්පාදනයට රාජ්‍ය අනුග්‍රහය

April 1, 2024

මෙරට චිත්‍රපට සංස්ථාව නවීන තාක්ෂණය සමඟ මුසු කරමින් චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සංවර්ධන ආයතනයක් ලෙස ගොඩනඟන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පසුගියදා (30) පැවැති සම්මාන උළෙලකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කරයි.

එමෙන්ම එතුමා කියා සිටියේ නිර්මාණවේදීන් හට නවීන තාක්ෂණ දැනුම ලබා දීමට විදෙස් පුහුණු අවස්ථාද ලබා දෙන බවයි.

ශ්‍රී ලංකාවේ පළමු AI චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

t

o

p