පොල් කිරි අපනයනයෙන් කෝටි 290ක ආදායමක්

March 28, 2024

2024 පෙබරවාරි මාසයේ පොල් කිරි අපනයනය කිරීම හරහා රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

පොල් කිරි මෙට්‍රික් ටොන් 6739ක් අපනයනයෙන් ‍‍මෙම මුදල උපයා ඇති බව සඳහන්.

මහ බැංකුවේ මාසික පදනම යටතේ නිකුත් කරන අපනයන පිළිබඳ වාර්තාමේ මේ බව දක්වා තිබේ.

2023 පෙබරවාරි මාසයේ පොල් කිරි මෙට්‍රික් ටොන් 4366ක් අපනයනය කර ඇති අතර ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 2401ක්.

අපනයනය කරන ලද පොල් කිරි ප්‍රමාණය අනුව 2023ට වඩා 2024 පෙබරවාරි මාසයේ මෙට්‍රික් ටොන් 2373ක් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අපනයනය මගින් ලද ආදායම රුපියල් මිලියන 570කින් වර්ධනය වී ඇති බව සඳහන්.

t

o

p