නීති විරෝධීව දුමිවැටි අලෙවි කල කාන්තාවක් අත්අඩංගුවට

March 25, 2024

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අශෝක මහතාගේ අධීක්ෂණයෙන් නෙල්ලිඅඩි කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යූ.එම්.එස්. දුෂාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පේදුරුතුඩුව පොලිස් වසමේ පූලෝලි දකුණ, 7 to 11 නැමති වෙලදසැල තුල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී තීරුබදු නොමැතිව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මැල්බරෝ වර්ගයේ සිගරට් අලවි කරමින් සිටි පූලෝලි දකුණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක කාන්තාවක් මැල්බරෝ වර්ගයේ සිගරට් 118 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

t

o

p