සූර්ය උමං වියලනය සාර්ථකයි

March 25, 2024

වී, බඩ ඉරිඟු ඇතුලු ධාන්‍ය බීජ වියලීමට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන සූර්ය උමං වියලනය හෙවත් (Solar Tunnel Dryer) තාක්ෂණික ක්‍රමවේදය සාර්ථක බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බඩ ඉරිඟු, වී, මුං ඇට, කව්පි, තල, කුරක්කන් හා උඳු වැනි බීජ සදහා යොදාගන්නා ධාන්‍ය ආරක්ෂිතව වියලීම සඳහායි මෙම නව බීජ වියලීමේ පද්ධතිය හදුන්වා දී ඇත.

ඒ, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින්.

මෙම බීජ වියලීමේ පද්ධතිය මුළුමනින්ම හිරු එළියෙන් ක්‍රියාත්මක වන බවයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රෙහාන් විජේකොන් මහතා ප්‍රකාශ කළේ.

සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙම පද්ධතිය වව්නියාව නෙලුක්කුලම ප්‍රදේශයේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විවෘත කරනු ලැබුුවා.

සමස්ත පද්ධතියම හිරු එළියෙන් ජනනය වන විදුලිබලයෙන් ක්‍රියාත්මක වීම මෙම පද්ධතියේ ඇති විශේෂත්වය වෙයි.

ඊට අමතරව මුළු ගබඩාවම වීදුරුවකින් ආවරණය කර තිබීම හේතුවෙන් ස්වාභාවික සූර්ය රශ්මිය අඛණ්ඩවම ලැබෙන බවයි ආචාර්ය රෙහාන් විජේකොන් මහතා කියා සිටියි.

රාත්‍රී කාලයට ද බීජ වියලීම සඳහා අවශ්‍ය ප්‍රශස්ත උෂ්ණත්වය කිසිදු වියදමකින් තොරව සූර්ය බලශක්තිය යොදා ගනිමින් ලබා ගැනීමට මෙමඟින් හැකියාව ලැබෙනු ඇති.

මේ අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 356ක වියදමින් වවුනියාව – පාලමොටෙයි ප්‍රදේශයේ ඉදි කළ වියළි මිරිස් සැකසුම් හා ඇසුරුම් මධ්‍යස්ථානයක්ද විවෘත කරනු ලැබුවා.

t

o

p