වදුරඹ OIC වැඩ අරඹයි

January 25, 2015

අපක්ෂපාතී ලෙස රාජකාරි කිරීමට හැකි පරිසරයක් තුළ නැවත ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වන බව පවසමින් සියධුරයෙන් හා පොලිස් සේවයෙන් ඉල්ලා අස් වූ වදුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක පී.එල්. කීර්තිසිංහ මහතා අද (25දා) පෙරවරුවේ නැවත වැඩ භාරගත්තේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ වදුරඹ ප්‍රදේශයේප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජන හමුවක වේදිකාවක් ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා  විසින් පැහැරගෙන යාමත් සමග ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වයත් සමග වදුරඹ පොලිස් ස්ථානාධිපති කීර්තිසිංහ මහතා  සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p