ඔන්ලයින් හරහා දුම්රිය ආසන වෙන් කිරීමේදී ගැටලු රාශියක්

March 21, 2024

දුම්රිය බලපත්‍ර අන්තර්ජාල ඔස්සේ වෙන් කිරීමේ පහසුකම හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගියදා කටයුතු කරනලදි.

කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින නීතී රාමුවට අදාලව එම නව ක්‍රමවේදය සකස් කිරිමට අදාළ ආයතනය සමත්ව නොමැති බවටයි දුම්රිය සේවකයන්ගෙන් චෝදනා මතුව ඇත.

එසේම නව ක්‍රමවේදය ඔස්සේ බලපත්‍ර හරහා ආසන වෙන් කර ගත් මගීන් දුම්රිය ස්ථානය වෙත අදාල ආසන තහවුරු කිරීමට යෑමේදී විශාල වශයෙන් පොලීම් වල රැදීසිටීමට වූ අවස්ථා ද එමෙන්ම නව ක්‍රමවේදයේ පවතින ගැටළුකාරී තත්ත්වය මත අන්තර්ජාලය ඔස්සේ වෙන් කල ආසනය වලට අදාල විද්‍යුත් ලේඛන තමන් සතුව පැවතිය ද ඔවුනට ආසන නොලැබීම සම්බන්ධයෙන් ද මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබෙමින් පවතියි.

තව ද ප්‍රවාහන අමාත්‍යතුමාගේ සංකල්පයක් මත මුදල් පමණක් ගෙවා ගමන් කිරීමට තිබූ ඇල්ල ඕඩීසී දුම්රියේ ද මෙම ක්‍රමවේදය ඔස්සේ ආසන වෙන් කර ගැනීම් කිරීමට සිදුව තිබේ.

ඒ සම්බන්ධයෙන් ගන්නා පියවරක් පිලිබඳව තවමත් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තීරණයකර නොමැති බවයි වාර්තාවෙයි.

මේ සම්බන්ධයෙන් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) විසින් අදාළ ගැටලු විසඳන ලෙස මෙම නව ක්‍රමවේදය හඳුන්වා දුන් ආයතනය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම ගැටළුව පිලිබදව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.

t

o

p