කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා කිසිම අවසරයක් ලබා නොදෙන බව රජයෙන් උපදෙස්

March 16, 2024

කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා මින් ඉදිරියට කිසිම අවසරයක් නොදෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් දීී තිබේ.
පුරන් කුඹුරු වැඩිපුරම පවතින්නේ බස්නාහිර පළාතේ නිසා බොහෝ දෙනෙක් කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා අවසර ඉල්ලන නමුත් ඉඩම් ගොඩ කිරීමට අවසර නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බැවින් මින් ඉදිරියට කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා කිසිදු නිර්දේශයක් ඉදිරිපත් නොකරන ලෙස අමාත්‍යවරයා අදාල නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ඇතැම් පුද්ගලයින් මාර්ග දෙපස ඇති කුඹුරු ඉඩම් හිතා මතා පුරන්වීමට ඉඩ හැර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර නොදෙන ලෙස තමන්ට උපදෙස් දුන් බව ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

t

o

p