අද සිට සෑම දිස්ත්‍රික්කයකම වී මිලදී ගැනීම අරඹයි

March 15, 2024

අස්වැන්න නෙලන සෑම දිස්ත්‍රික්කයකම අද(15) සිට වී මිළදී ගන්නා බව වී අලෙවි මණ්ඩලය පවසයි.

ඒ සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ගබඩා 20ක් විවෘත කර ඇති බවයි එම මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා කියා සිටියි.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය විසින් නාඩු වී 1 kgක් රුපියල් 105 කට, සම්බා 1 kgක් රුපියල් 120 කට, කීරි සම්බා 1 kgක් රුපියල් 130 කටත් මිලදී ගන්නා බව සඳහන්වෙයි.

t

o

p