ගුවන් හමුදා ධජ ආශීර්වාද ගැන්වීමේ පූජෝත්සවය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී

March 15, 2024

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව ගුවන් හමුදා ධජ ආශීර්වාද ගැන්වීමේ පූජෝත්සවය ඊයේ (14) උදෑසන අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී ගුවන් හමුදා ධජවලට ආශීර්වාද ගැන්වීම සිදු කෙරිණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ධජය සහ ගුවන් හමුදා විද්‍යා පීඨයේ ධජය, ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුරු ධජ, ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු ධජ සහ ගුවන් හමුදා සියලුම පක්ෂාංගවලට අයත් ධජයන් රැගත් පෙරහර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා පැදකුණු කිරීමෙන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස තැන්පත් කරවා ආශීර්වාද ගැන්වීම සිදු කළේය.

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්, රුවන්වැලි චෛත්‍යරාමාධිපති ඊතලවැටුණවැවේ ඥානතිලක නාහිමියන්, අටමස්ථාන විහාරස්ථානවලට අයත් විහාරාධිපති හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය විසින් පිරිත් දේශනා කොට ආශීර්වාද ගැන්වීම සිදු කරනු ලැබූහ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.

t

o

p