අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය මාර්තු 22 දක්වා දීර්ඝ කර ඇත.
මේ වනවිට නව අයදුම්පත් 130,000ක් දෙවැනි වටය සඳහා දත්ත පද්ධතිය වෙත ලැබී ඇති අතර තවත් අයදුම්පත් ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් දත්ත පද්ධතිය වෙත ඇතුළත් කළ යුතුව ඇති බව වාර්තා වෙයි.