උතුරු සහ වයඹ පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරුන් පත් කෙරේ

March 12, 2024

උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් මහතා සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා කේ. ගුණරත්න මහත්මිය පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම් සිදුකර තිබෙන අතර ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේ දී එම මහත්ම මහත්මීන් වෙත භාරදුන් බව සඳහන්.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් නිලධාරියෙකු වන එල්. ඉලංගෝවන් මහතා උතුරු පළාතේ අමාත්‍යාංශ රැසක ලේකම් ධුරය මෙන්ම උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරය ද හොබවා ඇති අතර, ඒ මහතා උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස පත්වීම් ලබන අවස්ථාව වන විට ජනාධිපති කාර්යාලයේ උතුරු පළාත් සංවර්ධනය පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියි.

නව පත්වීම ලැබීමට පෙර දීපිකා කේ. ගුණරත්න මහත්මිය දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ලෙස කටයුතු කළ බවයි වැඩිදුරටත් සඳහන් වෙයි.

t

o

p