නාවලපිටිය හා ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනයට බාධා

March 10, 2024

නාවලපිටිය හා ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (10) පස්වරු 2.40ට පමණ නා ගසක් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබේ.

බදුල්ල සිට ධාවනය වූ විශේෂ සීඝ්‍රගාමී දුම්රිය මේ වන විටත් ඉඟුරුඔය දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර දුම්රිය සේවකයන් මේ වන විට එම ගස කපා ඉවත් කිරීමේ කටයුතු කරමින් සිටියි.

t

o

p