විදෙ­ස්ගත ශ්‍රමි­ක­ය­න්ගෙන් ජන­වා­රි­යේදී රු. කෝටි 14,880ක ප්‍රේෂණ

March 10, 2024

ශ්‍රී ලංකාව ආර්ථික සහ මූල්‍ය වශ­යෙන් ශක්ති­මත් කිරීම සඳහා විශාල දාය­ක­ත්ව­යක් සප­යන විදෙ­ස්ගත ශ්‍රමි­ක­යන් විසින් පසු­ගිය ජන­වාරි මාස­යේදී රුපි­යල් කෝටි 14,880ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 488ක) මුද­ලක් ශ්‍රී ලංකා­වට ප්‍රේෂ­ණය කර තිබේ.

පසු­ගිය 2023 වසරේ ජන­වාරි මාස­යේදී විදේශ සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂණ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 437ක් ලෙස වාර්තා වූ නමුත්, මෙව­සරේ ජන­වා­රි­යේදී එය 11.4%ක වර්ධ­න­යක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. පසු­ගිය 2022 වසරේ කැපී පෙනෙන යථා­වත් වීමක් වාර්තා කිරී­මෙන් පසු විටින් විට සිදු වන උච්චා­ව­ච­න­යන් නොතකා, විදේශ සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂණ පුළුල් පද­න­ම­කින් ඉහළ යෑමේ ප්‍රව­ණ­තා­වක් පෙන්නුම් කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නව­තම වාර්තා­වක් මඟින් පෙන්වා දෙයි.

t

o

p