පාර්ලිමේන්තුව අද රැස්වෙයි

March 5, 2024

පාර්ලිමේන්තුව අද (05) උදෑසන රැස්වීමට නියමිත වේ.
ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පැයක කාලයක් වෙන් කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහායි.

අනතුරුව පනත් කෙටුම්පත් කිහිපයක් දෙවන වර කියවීමට නියමිතයි.

ඒ අනුව කල්තබන ලද සුරක්ෂිතලත් ගනුදෙනු භාර ලදුපත්, උකස් සංශෝධන, කල්බදු මූල්‍යකරණ සංශෝධන, දේශීය භාර ලදුපත්, සමාගම් හා ලේඛන ලියාපදිංචි කිරීමේ පනත් කෙටුපත් දෙවන වර කියවීමේ විවාදයට ගැනීමට නියමිතව තිබේ.

t

o

p