විදුලි ගාස්තුව අඩු වෙන විදිහ මෙන්න

March 4, 2024

විදුලි ගාස්තුව 21.9 % කින් අඩු කිරීමට තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසම අද (4) ප්‍රකාශ කරයි.

ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසමේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසයි.

එය 33.3 %ක අඩුවීමක් බවයි ඒ මහතා සඳහන් කළේ.

ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව 20 %කින් පහළ දැමීමට කටයුතු කර ඇති බවද සඳහන්.

එසේම ඒකක 60ත් 90ත අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව 30 %කින් පහළ දැමීමට කටයුතු කර තිබේ.

එම විදුලි ගාස්තුව අඩු කිරීම අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වෙයි.

t

o

p