අල්ලස් ගත් පොලිස් සැරයන්ට සහ කොස්තාපල්ට වැඩ වරදියි

February 27, 2024

රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබාගත් ඉත්තෑපාන පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යගිරල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකදී එම පොලිස් නිලධාරීන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙයි.

පැමිණිලිකරුගේ රථ වාහන නඩුවක් සම්බන්ධයෙන් භාරයට ගත් රියදුරු බලපත්‍රය නැවත ලබාදීමට සහ බලපත්‍රය නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක් ද යන්න පරීක්ෂා කර බලා නීතිමය කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 10,000ක අල්ලස් මුදලක් ඔවුන් විසින් ඉල්ලා ඇති බව සඳහන් වෙයි.

t

o

p