උත්සව සමයේ පරිභෝජනය සඳහා තවත් ආනයනික ඉන්දීය බිත්තර කෝටි 3ක් (මිලියන 30ක්) ගෙන්වීමට අනුමැතිය ලැබී ඇති බව වෙළෙඳ වාණිජ හා අහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අතපත්තු මහතා දිනමිණට පැවසීය.
ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ බිත්තර මිලියන 60ක් ගෙන්වීමට පසුගියදා අනුමැතිය හිමි වූ බව කියා සිටි ඒ මහතා ඒ අනුව බිත්තර මිලියන 90ක් ගෙන්වීමට නියමිත බවද සඳහන් කළේය. එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද අවසන් වන තුරුම ආනයනය කළ බිත්තර සතොසට ලැබෙන බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පැවසීය.